ට්‍රම්ප්ට ජයග්‍රහණයක්

Friday, 05 May 2017 - 7:14

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ, ඔබාමාකෙයා සෞඛ්‍ය රක්ෂණ ආවරණය වෙනුවට ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කරන නව ඇමරිකානු සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතට මහජන නියෝජිත මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිවුණා.

එය අනුමත කිරීම සදහා ඡන්ද 216 ක් අවශ්‍ය වූ අතර, ඡන්ද 217 ක් ඊට හිමිවී තිබෙනවා.

මීළගට පනත් කෙටුම්පත යොමු කෙරෙන්නේ ඇමරිකානු සෙනෙට් මණ්ඩලයටයි.

ඔබාමාකෙයා සෞඛ්‍ය ආරක්ෂණය මගින් මිලියන 20 ක් පමණ වූ ඇමරිකානුවන්ට සෞඛ්‍ය රක්ෂණය සහතික කෙරුණු අතර ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පෙන්වා දෙන්නේ එය ඇමරිකානු ආර්ථිකයට දැඩි සේ අහිතකර බවයි.

කෙසේ නමුත්, නව සෞඛ්‍ය රක්ෂණය මධ්‍යම පාන්තික ඇමරිකානුවන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බවට චෝදනා එල්ල වනවා.

සෞඛ්‍ය රක්ෂණයට මහජන නියෝජිත සභාවේ අනුමැතිය හිමිවීම ජනපති ට්‍රම්ප් ලද ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන්නේ.