බැසිල්ගේ සෙවිලි තහඩු නඩුව විභාගයට දින නියම කරයි

Friday, 05 May 2017 - 13:07

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමට අදාළව බැසිල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම සදහා අද (05) දින නියම කෙරුණා.

ඒ අනුව එම නඩුව නොවැම්බර් මස 8 වනදා සිට විභාග කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ අද නියෝග කළේ.

එමෙන්ම, මෙම නඩුවේ පැමිණිල්ලට අදාළව එකේ සිට 5 දක්වා වූ සාක්ෂිකරුවන්ට නඩුව විභාගයට ගැනෙන නොවැම්බර් 8 වනදා මහාධිකරණයේ පෙනී සිටින ලෙස ද අද සිතාසි නිකුත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

මෙම නඩුවේ බැසිල් රාජපක්ෂට අමතරව, චෝදනා එල්ල වී ඇත්තේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකට සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල තිලකසිරිටයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකුට එරෙහිව චෝදනා 7ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.