පළමු ගුවන් විදුලි නිවේදිකාව අභාවප්‍රාප්ත වෙයි

Friday, 05 May 2017 - 13:26

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි නිවේදිකාව වූ  ප්‍රභා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

තිදරු මවක් වූ ඇය මිය යන විට 91 වන වියෙහි පසුවුණා.

ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් ප්‍රථම වරට 1950 වසරේදී ආරම්භ වීමෙන් පසු  නව බදවා ගැනීම්ද සිදු වුණා.

ඒ අනූවයි ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථම නිවේදිකාව ලෙස ප්‍රභා පෙරේරා මෙනවිය ගුවන් විදුලියට එක්වී ඇත්තේ.

විවාහයෙන් පසුව ඇය ප්‍රභා රණතුංග ලෙස වසර ගණනාවක්ම ගුවන් විදුලි නිවේදිකාවක ලෙස කටයුතු කරමින් ජනහද දිනාගත්තා.