Update - දුම්රිය ස්ථානාධිපතිවරුන් අඛණ්ඩව සේවයේ

Friday, 05 May 2017 - 14:04

Update+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයට සහය දෙන බව ප්‍රකාශ කළත් දැනට ධාවනය වන දුම්රිය ගමන්වාර වලට එමගින් බාධාවක් ඇති නොවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

කිසිදු ස්ථානාධිපතිවරයෙකු බලහත්කාරයෙන් සේවයේ යෙදවීමක් සිදුකර නොමැති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මීට පෙර කියා සිටියේ දුම්රිය නියාමකවරුන්ගේ වගකීම් බලහත්කාරයෙන් තමන් මත පැටවීමට බලධාරීන් උත්සාහ කළ නිසා සේවා කටයුතුවලින් ඉවත් වී වර්ජනයට සහය දෙන බවයි.

අදාළ බලපෑම් පහව යාම නිසා මේ වන විට එම තීරණය අත්හල බව මීට ටික වේලාවකට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණගේ සඳහන් කළා.  

Update :- Friday, May 5, 2017 5.12 pm
------------------------------------------------------------
rn
නියාමකවරුන්ගේ රාජකාරිය සිදුකරන ලෙසට බලධාරීන් බලපෑම් කිරීම නිසා සේවයෙන් ඉවත්වී වර්ජනයට සහය දැක්වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි ලේකම් රුවන් පතිරණගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඒ අනුව අද පස්වරු 4ට දුම්රිය ස්ථාන වසා දමා දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයට එක්වන බවයි.