කිම් ජෝන් උන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක්

Friday, 05 May 2017 - 19:10

%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියානු නායක kim jong un ඝාතනය කිරීන සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට උතුරු කොරියානු රාජ්‍ය ජනමාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් චෝදනා කරන්නේ තම නායකයා ඝාතනය කිරීමට ඇමෙරිකාවේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවයි.

අදාළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදී කණ්ඩායමක් දැනටමත් තම රට තුළට පැමිණ ඇති බවයි එමගින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ .

එම ත්‍රස්තවාදී කණ්ඩායමට ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ සහ දකුණු කොරියානු රාජ්‍ය රහස් ඔත්තු සේවයේ අනුග්‍රහය ලැබෙන බවද ඔවුන් පෙන්වාදෙනවා .

කෙසේ වෙතත් අදාළ ත්‍රස්තවාදීන් සොයා ඔවුන් විනාශකර දමන බවද උතුරු කොරියාව ප්‍රකාශ කරනවා.

මේ අතර පසුගිය කාල සීමාවේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර විවිධ උණුසුම් තත්වයන් වාර්තා වූවා.

ඒ අතරතුරදී උතුරු කොරියාව තර්ජනය කළේ සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදා බැලීම දියත් කරන බවට පවසමින්.

ඇමෙරිකාව විසින් ඉන් අනතුරුව යුද නෞකාවක් කලාපයට පිටත්කර යැවූ අතර මිසයිල ආරක්ෂණ පද්ධතියක්ද දකුණු කොරියාවේ ස්ථානගත කළා.

"ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ රූකඩ කණ්ඩායම් සහ රහස් ඔත්තු කටයුතු අතුගා දැමීම පිණිස මේ මොහොතේ සිට කොරියානු ක්‍රමයේ ත්‍රස්ත-විරෝධී ප්‍රහාර ආරම්භ කරන්නෙමු," යනුවෙන්ද උතුරු කොරියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.


චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More