ප්‍රතිචාර ගැන බලාපොරොත්තුවෙන් වෛද්‍ය සහ ප්‍රවාහන වර්ජනය අවසන්

Saturday, 06 May 2017 - 7:30

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 03 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු  වෘත්තීය සමිති රැසක් දියත් කර ඇති වැඩවර්ජනය අද උදෑසන 8ට අවසන් වනවා.

ඒ අනුව මෙම වැඩ වර්ජනය කෙරෙහි රජය අවදානය යොමු නොකරන්නේ නම්, ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාකර නලින්ද හේරත් කියා සිටියේ.

ඊයේ උදෑසන 8ට ආරම්භ කෙරුණු වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර සහ සායනික කටයුතු වලට බාධා එල්ල වුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ලබන 9 වනදා රැස්වන තම සංගමයේ මධ්‍යම කාරක සභාව මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.

කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්වුණා.

ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය ද ඊයේ මෙම වැඩවර්ජනයට සහය පළ කළා.

මෙම වර්ජනයෙන් දුම්රිය සේවාවන්වලට ද බාධා මතුවුණා.

මේ අතර, ඊයේ රාත්‍රී සියලු තැපැල් දුම්රිය ද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලිකත්වය ගෙන දියත් කර ඇති වැඩ වර්ජනයට සහය පළ කරමින් ඛනිජ තෙල්, විදුලි, තැපැල්, වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් ඊයේ උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත්, අද උදෑසන 8 සිට යළි සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවයි දුම්රිය රියදුරන්ගේ සංගමය සදහන් කළේ.

කෙසේ නමුත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඊයේ ප්‍රකාශයට පත් කර තිබූ වැඩ වර්ජනයෙන් රටේ සමස්ත ජන ජීවිතයට බලපෑමක් සිදු නොවූ බවයි.

එම වර්ජනයට සහභාගි වන බව ප්‍රකාශ කළ කණ්ඩායම්වල ඇතැම් ක්‍රියාකාරීන් පමණක් අදාළ සේවා වලින් බැහැරව සිටිය ද එම ආයතනවල සමස්ත සේවා සැපයුම යථා පරිදි සිදුවූ බවත් එමගින් වැඩිදුරටත් සදහන් කළා.