දික්කුඹුරේදී ඝාතනය වූ පුද්ගලයාගේ සිරුරේ රත්ගම හිටපු සභාපතිගේ රුවක්

Saturday, 06 May 2017 - 18:52

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගාල්ල - ඉමඳුව - දික්කුඹුර මංසන්ධියේදී අද (06) උදෑසන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ කණ්ඩායමක් විසින් මෙහෙයවා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දකුණු අතෙහි රත්ගම හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ රුව ඇතුළත් පච්ච සලකුණක් ද සටහන් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසී ගේ කණ්ඩායමක් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

දික්කුඹුරේදී ඝාතනයට ලක්වූ 42 හැවිරිදි පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්වුණේ ත්‍රිරෝද රථයකින් තම දරුවන් උපකාරක පන්තියකට රැගෙන යමින් සිටියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More