මධ්‍යධරණී මුහුදේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 6 000 ක් බේරාගැනේ

Sunday, 07 May 2017 - 13:58

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B6%BB%E0%B6%AB%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+6+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට ළඟාවීම සඳහා මධ්‍යධරණී මුහුදේ අනාරක්ෂිත මුහුදු ගමන්වල නිරතවූ 6000 කට අධික සංක්‍රමණිකයන් පිරිසක් පසුගිය දින දෙක තුළ යුරෝපීය වෙරළාරක්ෂකයන් විසින් බේරාගෙන තිබෙනවා.

ජීවිතාරක්ෂක මෙහෙයුම සම්බන්ධීකරණය කර ඇත්තේ ඉතාලි වෙරළාරක්ෂක බලකායයි.

මුදාගත් සංක්‍රමණිකයන් පිරිසක් මේ වනවිටත් ඉතාලියට රැගෙන විත් ඇති  අතර දේශසීමා නොමැති වෛද්‍යවරු සංවිධානය ක්‍රියාත්මක කරන නෞකාවක් මගින්ද සංක්‍රමණිකයන් 730 දෙනෙකු බේරාගෙන ඇති බව සඳහන්.

මේ වසරේදී මේ වනවිට අප්‍රිකානු උප සහරා කලාපයෙන් ඉතාලියට මුහුදු මාර්ගයෙන් පැමිණ ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 37 000 කට අධිකයි.