නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් වටලයි

Sunday, 07 May 2017 - 15:32

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%9C%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දිවුල්ගහකුඹුර - මිරිස්සන්කොටුව ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කරමින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

එම වැටලීමේදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පානදුර - වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය සදහන් කළේ.

ඔවුන්ට ලද තොරතුරක් මත අද මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු ඌරු මස් කිලෝග්‍රෑම් 456ක්, ගවයින් 4  දෙනෙකු, ලොරි රථයක් සහ ගවයින් ඝාතනය කිරීමට යොදා ගත් ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.