කොරියානු රැකියා සඳහා ලක්ෂ 5ක ආරක්ෂිත මුදල ඇමතිනිය අත්හිටුවයි

Tuesday, 09 May 2017 - 10:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+5%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොරියානු රැකියා සඳහා පිටත්ව යන එක් අයෙකුගෙන් අය කිරීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවීමට තීරණය කළ බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ඇමතිනී තලතා අතුකෝරළගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි.

දකුණු කොරියාව සඳහා නීත්‍යානුකූලව පිටත් වන ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක ඇප බැඳුම්කරයට අමතරව මෙම මුදල අය කිරීමට තීරණය කර තිබුණා.

දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 26,000ක් රැකියාවල නිරත වන අතර, පසුගිය වසරේ පමණක් දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් 6629 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.