නිදහස් පක්ෂයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

Tuesday, 09 May 2017 - 19:28

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉදිරියේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා එය සිදුකරන බවයි.

ඕනෑම මොහොතක කැබිනට් සංශෝධනයක් සිදුවිය හැකි බවද අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී සඳහන් කළා.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. 

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට වන මතයේ පැහැදිළිව තමන් සිටින බවයි.