කොස්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරු සෙවීමට කණ්ඩායම් තුනක්

Thursday, 11 May 2017 - 14:04

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කොස්ගොඩ - දකුණු බොරළුකැටිය ප්‍රදේශයේදී මවක සහ සයමස් බිළිදෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනියම් සැමියා සොයා පොලීසිය විශේෂ කණ්ඩායම් තුනක් යොදවා තිබෙනවා.

 සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.  

කොස්ගොඩ - දකුණු බොරළුකැටිය ප්‍රදේශයේදී 38 හැවිරිදිමවක සහ සයමස් බිළිදෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ පෙරේදා දිනයේදියි.