කෝටි 09ක හෙරොයින් නාවික හමුදාව සොයා ගනී

Friday, 12 May 2017 - 15:29

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+09%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කන්කසන්තුරේ වරායට නාවික සැතපුම් 8ක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 9.3ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් චමින්ද වළාකුළුගේ කියා සිටියේ එහි වටිනාකම රුපියල් කෝටි 9කට අධික බවයි.

නාවික හමුදාවට අයත් වෙරළාරක්ෂක යාත්‍රාවක සිටි භට පිරිසක් විසින් මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් නිරීක්ෂණය කර ඇති අතර පසුව එය කන්කසන්තුරේ වරායට රැගෙන විත් පොලීසිය සමග එක්ව පරීක්ෂා කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ එම පාර්සලය තුළ හෙරොයින් මත්කුඩු අඩංගු බවටයි.