ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදය ලැබූ හිරු උත්තම ධාතු වන්දනාව අද පාදෙනිය රජමහා විහාරස්ථානයට

Saturday, 13 May 2017 - 7:44

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාවේ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මේ වන විට පාදෙනිය රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට සියලු කටයුතු සූදානම්.

පෙරේදා සිට අද අලුයම වන තුරු ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් කුරුණෑගල - රිදී විහාර පින් බිමට පැමිණ ධාතූන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

අද අලුයම දක්වා රිදී විහාරයේ තැන්පත් කර තැබූ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තව සුළු මොහොතකින් රිදිගම  - කුරුණැගල - වාරියපොල - පාදෙණිය යන නගර ඔස්සේ පාදෙණිය රජමහා විහාරස්ථානයට වැඩම කරවනවා.

එම විහාරස්ථානයේදි කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අද දහවල් 12.30 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර අනතුරුව පාදෙණිය - විතිකුලිය සහ කොබෙයිගනේ පසුකර කොබෙයිගනේ - කට්ටාපිටිය විහාරස්ථානයට පස්වරු 1.30 ට ධාතූන් වහන්සේ වැඩම කරවනවා.

එම විහාරස්ථානයේදි අද පස්වරු 5.30 දක්වා තැන්පත් කර තැබෙන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුව පඬුවස්නුවර - හෙට්ටිපොල - කුලියාපිටිය - පන්නල - දිවුලපිටිය යන නගර පසුකර අද රාත්‍රියේ දිවුලපිිටිය ප්‍රියදර්ශනාරාමයට වැඩම කරමවීමට නියමිතයි.

හෙට උදෑසන 7.30 දක්වා එම විහාරස්ථානයේදී කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ  වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දීමට හිරු සියලු කටයුතු සූදානම් කර අවසන්.

හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය කුරුණෑගල රිදී විහාර පින් බිමේදී පෙරේදා අලුයම ආරම්භ කෙරුණේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන්.

ඔවුන්ගේ සාධු නද මධ්‍යයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරුණා.

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දිගු පොලිම් වල රැදී සිටිමින් ධාතුන් වහන්සේ වැද පුදා ගත්තේ මෙවැනි පිංකමක් සඳහා පැමිණි වැඩිම සැදැහැවතුන් සංඛ්‍යාව සනිටුහන් කරමින්.

දැඩි අව් රශ්මිය නොතකමින් කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරිමට දිගු පෝලිම්වල රැදි සිටින සැදැහැවතුන්ට අහාර පාන ලබාදීමට ප්‍රදේශවාසීන් සහ විවිධ ආයතවල පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටියා.