අගමැති චීනයට

Saturday, 13 May 2017 - 7:53

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද උදෑසන චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියා.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා චීනය බලා නික්මුණු බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ චීනයේ බීජිං නුවර පැවැත්වෙන එකම තීරයක් - එකම මාවතක් මහා සමුළුවට සහභාගිවීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයා මෙලෙස චීනයේ සංචාරයක නිරත වන බවයි.

චීන ජනාධිපති ෂි - ජින්පින් ගේ සංකල්පයක් අනුව පැවැත්වෙන මෙම සමුළුව සදහා රටවල් 30ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහභාගි වනු ඇති.

එහිදි එම රාජ්‍යන් වෙත ලබා ගත හැකි ප්‍රතිලාභ පිලිබද වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උත්සවයට සහභාගි විම සදහා නේපාල ජනාධිපතිනි බිද්‍යාදේවි අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 11ට කටුනායක - බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් නේපාල ජනාධිපතිනිය බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළමුව මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව ඇය නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවත්වෙන සංස්කෘතික මංගල්‍යයකටද සහභාගි වනු ඇති.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උත්සවය හෙට දිනයේදී මහනුවරදී පැවැත්වීමට නියමිතයි.