රැන්සම්වෙයා වෛරසය නිසා අන්තර්ජාල භාවිතයේදී සැළකිලිමත්වන්නැයි ඉල්ලීමක්

Monday, 15 May 2017 - 9:16

%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රැන්සම්වෙයා ලෙස හැඳින්වෙන පරිගනක වෛරස් ප්‍රභේදය හේතුවෙන් අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකිලිමත් වන ලෙස පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය සිකුරාදා එල්ලවූ සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව එවැනි තවත් ප්‍රහාරයක් අද දිනයේදී එල්ලවිය හැකි බවට මයික්‍රොසොෆ්ට් ආයතනය අනතුරු ඇඟවීමක් සිදුකළා.

මේ නිසා විද්‍යුත් තැපෑල භාවිතා කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙසයි පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුගිය සිකුරාදා එල්ලවූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150 ක පරිගනක පද්ධති ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ලවූ බව යුරෝපෝල් පොලීසිය සඳහන් කළා.

මේ හේතුවෙන් එංගලන්තයේ සෞඛ්‍ය සේවාව යටතේ පවතින රෝහල් 48 ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවාවන්ද අඩාල වූ බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

මෙම සයිබර් ප්‍රහාරයට මුහුණදීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගිය මාර්තු මාසයේදී මෘදුකාංගයක් හඳුන්වා දී තිබූ නමුත් බොහෝ පරිගණක යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරුවී තිබෙනවා.

ආසියාතික රටවල් දෙකක් වන ඉන්දියාවට සහ ඉන්දුනීසියාවටද මින් බලපෑම් එල්ලවී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.