සංශෝධනය අභියස ඇමති මණ්ඩලය රැස්වේ

Tuesday, 16 May 2017 - 13:29

%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
යෝජිත අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනය හේතුවෙන් කැබිනට් රැස්වීම නොපවත්වන බවට වාර්තා පළ වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද අමාත්‍ය මණ්ඩලය රැස්වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම කැබිනට් රැස්වීමට සහභාගි නොවුණේ චීන සංචාරයකට එක්ව සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම පැයක් වැනි කෙටි කාලයක් තුල අවසන් වූ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ.

අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකා 60කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කරන නමුත් අද දිනයේදී අනුමැතිය සඳහා ලැබී තිබුණේ කැබිනට් පත්‍රිකා 35කට ආසන්න සංඛ්‍යාවක් බව එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පසුගියදා මාතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ මේ මස 18 වැනිදාත් 25 වැනිදාත් අතර අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදුවිය හැකි බවයි.