update : වැල්ලවත්ත කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිටියදී බේරාගත් පුද්ගලයෙක් මරුට

Thursday, 18 May 2017 - 18:34

update+%3A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලවත්ත ප්‍රදේශයේ කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටියදී අද රාත්‍රී බේරා ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ පැය 8 කට වැඩි කාලයක් සුන්බුන් අතර සිරව සිටි මෙම පුද්ගලයා රෝහලට රැගෙන එන විට ද බරපතල තත්වයේ පසුවු බවයි.

ගොඩනැගිල්ල තුල සිරවී සිටින බවට සැක කෙරෙන පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Thursday, 18 May 2017 - 21.51
------------------------------------------------------------------

වැල්ලවත්ත ප්‍රදේශයේ කඩා වැටුනු පස් මහල් ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයකු බේරාගෙන තිබෙනවා.

ඒ බේරා ගැනීමේ මෙහෙයුම්වලට එක්ව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් විසින්.

ගොඩනැගිල්ල තුල සිරවී සිටින බවට සැක කෙරෙන පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Thursday, 18 May 2017 - 19.50
------------------------------------------------------------------
වැල්ලවත්ත - සැවෝයි - සිනමා ශාලාව අසල චාර්ලිමන්ට් පාරේ පිහිටි ඉදිකෙරෙමින් පවතින මහල් 5කින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටී අනතුරෙන් පසු සුන්බුන් අතර සිරවී සිටින කිහිපදෙනෙකු සොයා මේ වනවිටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

පොලිසිය සදහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුල රැදී සිටි කිහිපදෙනෙකු තවමත් එලෙස සිරවී සිටින බවට විශ්වාස කෙරෙන බවයි.

යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය මෙන්ම, ගිනි නිවීම් සේවා ඒකකය ද මෙහෙයුම් වලට එක්ව සිටිනවා.

අද උදෑසන මෙම ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටුණු අතර එහිදී තුවාල ලැබූ 21 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

ඉන් 12 දෙනෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් 9 දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.

තුවාල ලැබූවන් දැඩි කම්පනයට ලක්වී ඇති බවයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ සදහන් කළේ.