මහියංගනය වෑන් රථ අනතුරෙන් තවත් අයෙකු මිය යයි

Saturday, 20 May 2017 - 13:13

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බදුල්ල - මහියංගනය මාර්ගයේ 5 කණුව ආසන්නයේදී වෑන් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ සිදුවූ අනතුරෙන් තුවාල ලබා සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව - පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ පස්වරුවේ මෙම වෑන් රථය රියදුරුට නින්ද යාම හේතුවෙන් ප්‍රපාතයට පෙරළුණු අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.