අදත් රත්නපුර, කළුතර සහ කෑගල්ලට වැසි - නායයෑමේ අවදානමත් තවමත්

Thursday, 01 June 2017 - 8:23

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%2C+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
අද දිනයේත් රත්නපුර, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර කියා සිටියේ සබරගමුව, දකුණ, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලට විටින්විට වැසි ඇතිවිය හැකි බවයි.

මන්නාරමේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද ඇය සඳහන් කළා.   

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 203 දෙනෙකු මියගොස් 96 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. පවුල් එක්ලක්ෂ 64,264 කට අයත් පුද්ගලයින් හයලක්ෂ 31,346 දෙනෙකුට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම පැවති ගං වතුර සහ නායයෑම් තත්වය හේතුවෙන් ආපදාවට පත්වූ දිස්ත්‍රික්ක කිහිපයක තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් යහපත් අතට පත්ව නැහැ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කළු ගඟ ආශ්‍රිත ගං වතුර තත්ත්වය අඩුවෙමින් පැවතියද කිරිඇල්ල, අයගම ප්‍රදේශවල තවමත් ගං වතුර තත්ත්වය පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් එක්ලක්ෂ 45 000 කට වැඩි පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 39,859 ක පුද්ගලයින් එක්ලක්ෂ 52,481 දෙනෙකු තවමත් පීඩාවට පත්ව සිටින අතර, දොඩම්ගොඩ, මිල්ලනිය, මුඩුගමුව යන ප්‍රදේශවල පැවති ගං වතුර තත්ත්වය මේ වනවිටත් පහව ගොස් නොමැති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පැවති ගං වතුර තත්ත්වයද මේ වනවිට අඩුවෙමින් පවතින බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

කෙසේ වෙතත් ජලයෙන් යටවීම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිහිටි නිල්වලා පිවිසුම ඊයේ රාත්‍රියේදී විවෘත කර තිබෙනවා.

අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.  ඕපනායක සඳහන් කළේ ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුකළ හැකි බවයි.

කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටද බලපෑම් එල්ල වුණා.

ඒ හේතුවෙන් පවුල් 6,446 කට අයත් පුද්ගලයින් 24,978 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගං වතුර අවදානම් මට්මටමේ පැවති කැළණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව  ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර වාරිමාර්ග අධ්‍යක්‍ෂ ටී.පී. අල්විස් කියා සිටියා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති නිවේදනය අනුව අද (01) පස්වරු 1.00 දක්වා රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට හා නුවරඑළිය යන දිස්තික්කවල නාය යාමේ අවදානම පවතිනවා.

එම දිස්ත්‍රික්කවල ඇති සියලුම කඳුකර බෑවුම්, නිර්මිත බෑවුම් මෙන්ම විශේෂයෙන් සිය සංවිධානය විසින් නාය යාමේ හැකියාවක් ඇති ලෙස පූර්වයෙන් හඳුනාගෙන ඇති ප්‍රදේශ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ඔවුන් දැනුම් දෙනවා.