සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීරණය

Thursday, 01 June 2017 - 11:18

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
සයිටම් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම එළඹෙන 22 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(01) තීරණය කළා.

ඒ, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ එය අද කැඳවූ අවස්තාවෙයි.

සයිටම් සිසුවියක් ගොනු කළ පෙත්සම අනුව ඇයව ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 තීන්දුවක් ලබා දුන් අතර එම තීන්දුවට එරෙහිවයි වෛද්‍ය සභාව පෙත්සමක් ගොනු කළේ.