Update - "රට වෙනුවෙන් හිරු" සෞඛ්‍ය ක්‍රියාන්විතයට ජනතාවගේ ප්‍රසාදය

Sunday, 04 June 2017 - 13:24

Update+-++%22%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%22+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආරම්භ කළ "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් පියවරක් වන "රට වෙනුවෙන් හිරු" සෞඛ්‍ය ක්‍රියාන්විතය අද දිනයේත් සාර්ථකව සිදුකෙරෙමින් පවතිනවා.

ඒ, වැල්ලම්පිටිය - කොටුවිල ගාමිණී මහා විද්‍යාලයේ සහ ගාල්ල - නෙළුව නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්.

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් 8 වන ආධාර තොගය ද රැගෙන රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මේ වනවිට ගාල්ලට ළගාවී තිබෙනවා.

අද පස්වරුව වනවිට මෙම ආධාර  උඩුගම, ගල්අන්දල, නෙළුව යන ප්‍රදේශවල විපතට පත් ජනතාව වෙත ලබාදීමට නියමිතයි.

පසුගිය දින දෙකේදී ආපදා තත්ත්වය බලපෑ මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙත 6 වන සහ 7 වන ආධාර තොග ලබාදීමටයි අප කටයුතු කළේ.

අකුරැස්ස - අතුරලිය සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඊයේ එම ආධාර තොග බෙදාදුන්නා.

"රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ, පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයට මේ වනවිටත් විශාල වශයෙන් ජනතාව ද්‍රව්‍යාධාර රැගෙන එමින් සිටිනවා.

Update :- Sunday, June 4, 2017 3.24pm
-------------------------------------------------------------

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් 8 වන ආධාර තොගය ද රැගෙන "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගාල්ලේ තවත් ප්‍රදේශ කිහිපයකට ගමන් ආරම්භ කර තිබෙනවා.  

අද පස්වරුව වනවිට මෙම ආධාර උඩුගම, ගල්අන්දල, නෙළුව යන ප්‍රදේශවල විපතට පත් ජනතාව වෙත ලබාදීමට නියමිතයි.  

පසුගිය දින දෙකේදී ආපදා තත්ත්වය බලපෑ මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙත 6 වන සහ 7 වන ආධාර තොග ලබාදීමටයි අප කටයුතු කළේ.

අකුරැස්ස - අතුරලිය සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඊයේ එම ආධාර තොග බෙදාදුන්නා.  

"රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ, පිහිටි ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානයට මේ වනවිටත් විශාල වශයෙන් ජනතාව ද්‍රව්‍යාධාර රැගෙන එමින් තිබෙනවා.

මේ අතර, හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආරම්භ කළ "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් දැවැන්ත පියවරක් වන "රට වෙනුවෙන් හිරු" සෞඛ්‍ය ක්‍රියාන්විතය ද අද දිනයේත් සාර්ථකව ක්‍රියාත්මකයි.

ඒ, වැල්ලම්පිටිය - කොටුවිල ගාමිණී මහා විද්‍යාලයේ සහ ගාල්ල - නෙළුව නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්.   

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ඔබ වෙුනවෙන් ඉදිරියටත් කැපවී සිටින බව අප සිහිපත් කරන්නේ නිහතමානීවයි.