ලන්ඩනයේ ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ

Wednesday, 14 June 2017 - 11:23

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
බටහිර ලන්ඩනයේ මහල් 27ක ගොඩනැගිල්ලක හට ගත් ගින්නට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු හානියක් සිදුව නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ගින්නට හසුවූ ගොඩනැගිල්ලේ ශ්‍රී ලාංකිකයින් සිටින බවට මේ වනතෙක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම ගොඩනැගිල්ල ආසන්නයේ පදිංචිව සිටින දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චන්ද්‍රකාන්තන් චන්ද්‍රනේරුගෙන් පවතින තත්ත්වය පිළිබදව අප විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මෙම ගොඩනැගිල්ලේ ශ්‍රී ලාංකිකයින් වාසය කළ බවයි.

ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම හටගත් මෙම ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, එහි නිවාස 120 ක් පමණ පිහිටා තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අවස්ථාවේ සජීවී දර්ශන.



ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අයුරු පහතින්.