ඩෙංගු බරපතල ආපදාවක් වන ලකුණු - වසා දැමූ අංගොඩ උණ රෝහලත් යළි විවෘත කෙරේ

Thursday, 15 June 2017 - 19:09

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+-+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබූ අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ උණ රෝහලට යළිත් රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා.

ඩෙංගු රෝගීන් විශාල වශයෙන් එම රෝහලට ඇතුළත්වීමත් සමඟ එහි ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා ඊයේ (14) මෙලෙස රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරින් පියවර ගත්තේ.

එසේම, බස්නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක තලංගම, පිළියන්දල සහ වෑතර යන ප්‍රාදේශීය රෝහල්, ජාතික බෝවන රෝග විද්‍යායතනයට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට තාවකාලිකව අනුබද්ධ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.   

මේ අතර, කළුබෝවිල, හෝමාගම, මීගමුව, රාගම ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසකද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් ඇතුළත් වී ඇති බව සඳහන්.

එසේම, ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට බලපා ඇති කසල කළමනාකරණය විධිමත්ව සිදුනොවීම නිසා තාවකාලික විසඳුමක් ලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දැනට වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 62,857 ක් වාර්තා වී ඇති අතර, එය ඉතිහාසයේ වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවයි.

ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් අංගොඩ උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැහැදිලි කරමින් කියා සිටියේ නිවෙස්වල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමට නිවැසියන් පියවර ගත යුතු බවයි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් පියවර නොගතහතොත් මේ වසර අවසානයේදී ඩෙංගු රෝගීන් ලක්ෂ දෙකත්, තුනත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි.