පාසල් නිළ ඇඳුම වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි ජනපති කියයි

Friday, 16 June 2017 - 19:18

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාසල් දරුවන්ගේ නිළ ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර - අස්ගිරිය - ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (16) පස්වරුවේ අමතමින්.

මේ අතර, කිසිවිටෙකත් වෙළඳපොළේ සහල් හිඟයක් ඇති විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, සහල් තොග පවත්වාගෙන යාම පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද කැදවීමෙන් අනතුරුවයි.  

වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවට ලැබුණු තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව කැදවා තිබුණා.