කතරගමදී දැරියක් අතුරුදන්

Thursday, 22 June 2017 - 13:20

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
කතරගම නගරයේ ගසක් යට නිදා සිටි දරු පවුලක නෙතුමි අනුෂ්කා නමැති ගැහැනු දරුවකු අතුරුදන් වී තිබෙනවා.

21 වන දා අලුයම ඇය අතුරුදන් වී ඇති බවයි මව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

සියඹලා ගසක් යට මෙම පවුල රාත්‍රි 11ට පමණ  නින්දට ගිය බවත් එහි සඳහන්.

අවු 4ක පමණ පිරිමි දරුවකු ද තුන් හැවිරිදි දැරිය සමග නිදා සිටියද ඔහුට ගැටළුවක් වී නැහැ.

මෙම පවුල කතරගම නගරයේ පදික වේදිකා මත අනවසරයෙන් පූජා වට්ටි වෙළෙඳාමෙන් ජීවත් වූ අතර පසුව අනවසර ඉදි කිරීම් ඉවත් කිරීම නිසා මොවුන් වන්දනාකරුවන්ට මල් ආදිය විකුණමින් ජීවත්ව තිබෙනවා.

අතුරුදන් වු දැරියගේ මව වන ඉනෝකා පැවසුවේ තම සැමියා සිර ගෙදර සිටින බවත් ඔහුව බේරා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා සල්මල් කඩා විකිණීම පිණිස මෙම ස්ථානයට පැමිණි බවයි.

තමන් 21 වැනි දින නිදා සිටියේ තමන්ගේ පවුලේ අය සමග බවත් එදින රාත්‍රි තිස්සමහාරාම ප්‍රදේශයේ පිරිමි කීප දෙනකු මෙම ස්ථානයේ සැරි සැරූ බවත් ඇය පවසනවා.

ඉතා දිළිදු ආර්ථිකයක් සමග දිවි ගෙවමින් ජීවත් වු මෙම පවුලේ ලාබාළ දැරිය මේ අයුරින් අතුරුදහන් ව පවතින අතර කතරගම පොලිසිය මගින් සැක සහිත පුද්ගලයින් කීප දෙනකු මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.