රජයේ වෛද්‍යවරුන්ට පොරොන්දුවක්

Wednesday, 05 July 2017 - 7:32

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර එය විසඳීම සඳහා සම්බන්ධ වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි නියෝජිතයින් ඊයේ පස්වරුවේ අගරදගුරු හිමිපාණන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මේ බව කියා සිටියේ.

මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම මෙන්ම ශිෂ්‍ය සහ වෘත්තිය සමිති මර්දනය නතර කරන ලෙසට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද මෙම සත්‍යග්‍රහයට එක්ව සිටියා.