ඩෙංගු වලට මුහුණ දෙන්න පාසල් නිල ඇඳුම වෙනස් කරයි

Wednesday, 05 July 2017 - 13:13

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාසල් ළමයින් අතර ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම නිසා පාසල් නිල ඇඳුමේ තාවකාලික වෙනසක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දින දෙක ඇතුළත නිකුත් කරන බවයි කොළඹ ඊයේ (04) පැවති උත්සවයකට එක්වෙමින් විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.

මේ අනුව, කොට කලිසමෙන් සැරසී පාසලට පැමිණෙන සිසුන්ට දිග කලිසමකින් සහ ශිෂ්‍යාවන්ට සම්පූර්ණයෙන් ශරීරය වැසෙන ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව වසරේ ගත වූ මාස 7 ඇතුළත ඩෙංගු රෝගීන් 77,222 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 43 යි දශම 4 ක්.  

රෝගය වැළදීමෙන් පුද්ගලයින් 220 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.