නාවික හමුදා භටයින්ගේ කර මතින් ගොඩට ආ "මුහුදු" අලියා මෙන්න (ඡායාරූප)

Wednesday, 12 July 2017 - 12:40

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%A7+%E0%B6%86+%22%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%22+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවවායි මුහුදේ සැඩ පහරට හසුව ගැඹුරු මුහුදට ගසා ගිය වන අලියෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) දින බේරා ගැනීමට සමත්වුනා.

මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් කොක්කුතුඩුවායි මුහුදු තීරයේ මුහුදු සැතපුම් 8 පමණ දුරින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය වීමෙන්  තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කොට තිබෙනවා.

තවද යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා මෙහෙයුම් ආරම්භ කළ  අතර වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී  ඔවුන්ගේ උපදෙස් මත අදාල නාවික හමුදා නිලධාරීන් විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කලා.

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලියාට උපද්‍රවයක් සිදු නොවන ලෙස කඹ යොදා ගෙන එම අලියා ගැඹුරු මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ආ අතර අලියා පුල්මුඩේ යාන්ඔය ප්‍රදේශයට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා වනජීවී නිලධාරීන් වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගත්තා.