ඉන්දීය ධීවරයින් ගැන එරට විදේශ ඇමතිනිය කතා කරයි

Friday, 14 July 2017 - 12:46

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුුදු තීරයේ නීති විරෝධීව මසුන් මැරීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් පවසනවා.

මෙරට ආරක්ෂක අංශ විසින් දේශසීමාව පසුකරන ඉන්දීය ධීවරයින් නිකරුණේ අත්අඩංගුවට නොගන්නා බවයි ඇය සදහන් කර ඇත්තේ.

ඉන්දීය ලෝක් සභාවේ හිටපු මන්ත්‍රී එම්.රාම්දාස් මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීම සදහා මැදිහත් වන ලෙසට යොමුකර තිබූ ලිපියකට ප්‍රතිචාර දක්වමිනුයි ඉන්දීය විදේශ අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

දිගින් දිගටම මෙලෙස ඉන්දීය ධීවරයින් ශ්‍රී ලාංකික මුහුුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වුවහොත්, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා ඔවුන් නිදහස් කර ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති බව ද ඇය සදහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, තමිල්නාඩු මහඇමති කේ. පලනිස්වාමි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ඊයේ ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් ඔහු ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා මුදා ගැනීමට පියවර ගන්නා ලෙසයි.

ධීවරයින් 60 දෙනෙකු සහ යාත්‍රා 146 ක්  ශ්‍රි ලංකාවේ රඳවාගෙන ඇති බව ද , ඔහු දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුගියදා සම්මත කරගත් නව ධීවර පනත් කෙටුම්පතත් සමග තමිල්නාඩු ධීවරයින් ගැටලූ රැසකට මුහුණදී සිටිනවා.

නව පනත හේතුවෙන් මුහුදු සීමා ඉක්මවායාමට මෙන්ම, බොටම් ට්‍රෝලරින් ක්‍රමයට එරෙහිව දැඩි නීති පැනවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories