ඩෙංගු මර්දනයට ඕස්ට්‍රේලියානු සහාය

Tuesday, 18 July 2017 - 7:59

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
මෙරට ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සහාය ලබාදීම එරට විදේශ අමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකාවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එරට විදේශ ඇමතිනී ජූලි බිෂොප් හෙට දිවයිනට පැමිණීමට නියමිත අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීමෙන් අනතුරුව ඇය එම ප්‍රකාශය සිදුකරනු ඇති.  

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය රවී කරුණානායක ද මුණ ගැසෙන අතර ආරක්ෂක සහයෝගීතාව, විද්‍යාව සම්පත් සහ බලශක්තිය යන ක්ෂේත්‍රයන්හි නව ආර්ථික අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දීය සංචාරයකින් අනතුරුවයි.

මේ අතර, සිංගප්පූරු විදේශ ඇමති ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් නිළ සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories