උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

Tuesday, 18 July 2017 - 15:59

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9C%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති විරෝධතා පා ගමන මේ වනවිට කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

මේ  හේතුවෙන් ගාලූ මුවදොර දෙසට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති අතර, කොළඹ - කොටුව අවට දැඩි රථවාහන තදබදයක්ද පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

විරෝධතා පා ගමන අද දහවල් ආරම්භ කෙරුණේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින්. පා ගමන සම්බන්ධයෙන්  කොටුව පොලීසිය අධිකරණයට කරන ලද කරුණු දැක්වීමකට අනුව  එය මහජනයාට සහ රථවාහනවලට බාධාවක් ඇති නොවන අයුරින් සිදුකළ යුතු බවටද නියෝග කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories