නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් පතන ශ්‍රී පාද විද්‍යාපිඨයේ සිසුන්7කට පංති තහනමක්

Tuesday, 18 July 2017 - 16:53

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B7%80%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%82%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පතන ශ්‍රී පාද විද්‍යාපිඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය දුන් සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාපිඨයේ දෙක සහ තුන වසර වල සිසුන් හත් දෙනෙකුට වහාම ක්‍රියාත්මක් වන පරිදි පංති තහනමක් සිදුකර ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා ක්‍රිෂ්නන්  පැවසුවා.

අමාත්‍ය රාධා ක්‍රිෂනන් මේ බව  පැවසුවේ  සිය අමාත්‍යංශයේදි විශේෂ මාධ්‍ය සාකචිජාවකට එක් වෙමින්.

ඉකුත් 06 වනදා එම විද්‍යාපිඨයේ පළමුවන වසරේ සිසු සිසුවියන් පිරිසකට අමානුෂික ලෙස නවක වදය දුන්නේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් එක් සිසුවෙකු කොටගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු අතර එම නවක වද සිද්ධීයට මුහුණ පෑ සිසු සිසුවියන් පිරිසක් 119 පොලිස් හදිසි ඇමතුමි ඒකකයට ලබාදුන් පැමිණීල්ලක් මත දිඹුල පොලිසියද පරික්‍ෂණයක් ආරමිභ කර තිබුණා.

මෙම නවක වද සිද්ධීයට සමිබන්ධ වුයේ යැයි කියන එම විද්‍යාපිඨයේ සිසු සිසුවියන් විසි පස් දෙනෙකුගේ නමි ලයිස්තුවක් එම විද්‍යාපිඨයේ පිඨාදිපතිනිය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කිරිමෙන් පසු අමාත්‍යංශය මගින් අට දෙනෙකුගෙන් සමන්විත විනය කමිටුවක් පත් කළ බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මින් පංති තහනමට ලක්වු සිසුන් හත්දෙනා සෘජුවම මෙම නවක වද සිද්ධීයට සමිබන්ධ වි ඇති බවත් තවත් සිසු සිසුවියන් දහඅටදෙනෙකු මෙම නවක වද සිද්ධීයට සමිබන්ධ බවට එම විනය කමිටුව මගින් ලබාදුන් නිර්දේශ මත එම සිසු සිසුවියන්ගේ දෙමවිපියන් සමග අමාත්‍යංශයට පැමිණෙන ලෙස දැනුමි දි ඇති බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මෙම සිසුන් පිරිසට නවකවද සිද්ධියට සමිබන්ධ වු  සිසු සිසුවියන් සියලූ දෙනා සමිබන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ගය ගැනිම සමිබන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙත් තමාගෙත් අවධානය යොමු වි ඇති බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුෙවිදි වැඩි දුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories