අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් සේවකයින් 16 දෙනාගෙන් පොලීසියට ප්‍රකාශ

Wednesday, 26 July 2017 - 16:24

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+16+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81
කොළොන්නාව තෙල් පර්යන්තය ඉදිරිපිට රැදී සිටිමින් කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ලවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් සේවකයින් 16 දෙනා පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අත්අඩංගුවට ගත් වෘත්තිය සමිති නායකයින් ඇතුලූ සේවකයින් 16 දෙනා මේ වනවිට වැලිකඩ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.