පොලිතීන් නිෂ්පාදකයන් පිටකොටුවේ විරෝධතාවයක්

Monday, 21 August 2017 - 15:06

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිතීන් නිෂ්පාදකයන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට පිටකොටුව අවට රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ ගුණසිංහපුර බස් නැවතුම්පොල ඉදිරිපිටින් ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි.

සැප්තැම්බර් පළවනදා සිට ක්‍රියාත්මක පොලිතින් තහනමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ.

මේ අතර මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛ සයිටම් විරෝධී ජන පවුර අද(21) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා.

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුනා.