බීමතින් පොල් වත්තකට රැගෙන ගිය තරුණයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

Monday, 21 August 2017 - 15:37

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8
මුන්දලම පොලිස් වසමේ සමීරගම ප්‍රදේශයේ පොල් වත්තකදී වයස අවුරුදු 16 ක තරුණයෙකුව ගෙල සිර කර ඝාතනය කළ බව කියන 34 හැවිරිදි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය ප්‍රකාශ කළා.

ඊයේ(20)සවස මෙම ඝාතනය සිදුවී ඇති බවට සැකකරණ බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ මුන්දලම - සමීරගම පදිංචිව සිටි මොහොමඩ් නසාර් නල්සාර් (16) නම්වූ තරුණයෙක්.

මොහු වසරකට පමණ පෙර පාසල් ගමන අවසන් කර ඇති බව ද මූලික විමර්ශණ වලදී හෙලිවී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 20 වැනිදා සවස මත්පැන් පානය කර ඇති අතර පසුව සැකකරු, ඝාතනයට ලක්ව ඇති තරුණාද සමග සමීරගම ගම්මානයේ ඇති පොල් වත්තකට ගොස් තිබෙනවා.

සැකකරු සමග ගිය තරුණයා නැවත නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලන විට ඔහුගේ මළ සිරුර පොල් ඉඩමේ තිබී හමුවී තිබෙනවා.

ඇතගඅනතුරුව කුපිත වී ඇති ගම්මු සැකකරුට පහර දී ඇති අතර පහර කෑමට ලක්ව ඇති සැකකරු ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කෙරුනා.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් ෆසාල් අබුතාහිර් විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ බව අප වාර්තාකරු කියා සිටියා.

සිද්ධියට සම්බන්ධ සැකකරුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් වැඩිදුර වාර්තාවක් කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මුන්දලම පොලීසියට නියෝග කළා.

ඝාතනය සිදුවී ඇති ස්ථානයට පැමිණි පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී කාර්යාලයේ අපරාධ නිරීක්ෂණ ඒකකයේ නිලධාරීන්ද විමර්ශණ කටයුතු සිදු කළා.

ඝාතනය සිදුවීමට පෙර මිය ගොස් ඇති තරුණයාට කිසියම් ලිංගික ආපරාධයක් සැකකරු විසින් සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ කරගෙන යනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළ සිරුර පුත්තලම මූලික රෝහලට ගෙන ගොස් තිබෙනවා.

මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක,අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත්   ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.