රවී කරුණානායක, හිටපු ගමන් ගිය ගමන

Monday, 21 August 2017 - 16:51

%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1
හිටපු මුදල් හා හිටපු විදේශ ඇමති රවී කරුණානායක අද(21) එජාප ආණ්ඩුවේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් හමුවුනා.

ඒ, රොනී ද මැල් මහතාගේ කොළඹ නිවසේ දී.

එහිදී වත්මන් දේශපාලන තත්වය හා වෙනත් කරුණු කිහිපයක් ගැනද සාකච්ඡා කර තිබෙනවා.

හිටපු විදෙස් අමාත්‍ය රවී කරුණානායක පසුගිය දා අමාත්‍ය ධුරයෙන් ඉලා අස්වුණා.

ඒ, වනවිට ඔහුට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබුනා.

එල්ල වී තිබු චෝදනාවලට අදාළ පරීක්ෂණ මේවනවිට ක්‍රියාත්මක අතර ඒවා නිමවන තෙක් ධුරයෙන් අස්වන බවයි හිටපු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ.