එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ජනපති හමුවෙයි - විජේදාස ගැන කතා කරන්න, එජාප පාර්ලිමේන්තු කණ්ඩායමත් රැස්වේ

Monday, 21 August 2017 - 19:10

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ වන විට අරලියගහ මන්දිරයේදී ආරම්භ වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවේදී අධිකරණ අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීන්දු - තීරණ කිහිපයකට එළඹීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු සහ අග්‍රාමාත්‍යවරයා අතර අද දහවල් ද සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ද අධිකරණ අමාත්‍යවරයා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් වී ඇති බවටයි වාර්තා වන්නේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කළ අමාත්‍ය කමිටුවේ නිර්දේශ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැන් ආරම්භ වී ඇති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී භාරදීමට නියමිතයි.

පසුගිය 17 වනදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කඩ කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණු අතර, එහිදී ඔහු විශ්වාසය කඩකර ඇති බවට යෝජනාවක්ද සම්මත කර ගැනුනා.

පසුව මේ පිළිබඳව සොයා බැලීමට පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කෙරුණා.

මෙම කමිටුව විසින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, එහි නිර්දේශයි පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මෙලෙස භාරදීමට නියමිතව ඇත්තේ.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ද අද රාත්‍රියේදී පැවැත්වෙනවා.

ජනාධිපති නිළ නිවසේ පැවැත්වෙන එම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහභාගිවීමට නියමිත බවයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.

ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනය සහ වත්මන් දේශපාලන කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්වනු ඇති.

මේ අතර, සංවිධාන කිහිපයකට අයත් භික්ෂූන් වහන්සේලා පිරිසක් අද පෙරවරුවේ බුද්ධශාසන අමාත්‍යාංශය වෙත පැමිණියා.

ඒ, විෂයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ හමුවීමේ අරමුණින්.  කෙසේ වෙතත් අමාත්‍යවරයා ඒ වනවිට අමාත්‍යාංශයේ රැඳී නොසිටි අතර, ඉන් අනතුරුව භික්ෂූන් වහන්සේලා සෙත් පිරිත් සජ්ඡායනය කර අමාත්‍යවරයාට ආශිර්වාද පළ කර තිබෙනවා.