තමන් තවමත් නිදහස් පක්ෂ සභාපති බව හිටපු ජනපති කියයි

Monday, 21 August 2017 - 19:14

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා.

මේ අතර, යෝජිත නව දේශීය ආදායම් කෙටුම්පත එක්සත් ජාතික පක්ෂයේ මතවාදයට අනුකූල වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදයට අනුකූල නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අර්ථ සාධක අරමුදල්වලට ගෙවන දායක මුදල් මත බදු අය කිරීමටත්, ජීවත් වීමේ අරගලයක නිරත මධ්‍යම පන්තියේ බදු බර වැඩි කිරීමටත්, ආගමික ස්ථානවලින් බදු අය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එකඟ විය නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

මේ නිසා ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත නව දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරුද්ධත්වය දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියා.

2006 දේශීය ආදායම් පනතින් රැකගත යුතු යැයි සැලකෙන අත් කර්මාන්ත, චිත්‍රපට හා නාට්‍ය නිෂ්පාදනය වැනි අංශවලට පැවති බදු මුක්තිය නව පනතින් ඉවත් කෙරෙන බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.