අධිකරණ ඇමතිට එරෙහි චෝදනාවලට කිසිදු පිළිතුරක් ලබාදී නෑ - මලික් සමරවික්‍රම

Tuesday, 22 August 2017 - 6:50

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවලට ඔහු මෙතෙක් කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම දැනුම් දී තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම නොසලකා කටයුතු කර ඇති බවටත්,

පසුගිය රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරන බවටත් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දැඩි ලෙස සාකච්ඡාවට ලක්වුණා.

එහිදී අදාළ කාරණා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය මංගල සමරවීරගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පිළිබදව හැකි ඉක්මනින් තීන්දුවක් ගත යුතු බවයි.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ තීරණයකට එළඹෙන බව අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

ඒ පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේදී ගනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තීරණාත්මක දිනයක් ලෙස සැලකුණු ඊයේ දිනයේ ඔහු පිළිබදව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම මෙලෙස රැස්වුණා.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ද ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා.

ඒ, ජනාධිපති නිළ නිවසේදියි.