update - කතරගම දේවාලයේ අර්බුදය විසදේ - බැතිමතුන්ට විවෘතයි (ඡායාරූප)

Tuesday, 22 August 2017 - 6:57

update+-+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%9A+-+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අද උදෑසන මතුව තිබූ අර්බුදකාරී තත්ත්වය මේ වන විට සමථයකට පත්ව තිබෙනවා.

ඒ අනුව දේවාලය බැතිමතුන් සඳහා විවෘත කර ඇති බවයි එහි කපු මහතුන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ දේවාලයේ කපු මහතුන් අතර මතු වූ අර්බුදයක් හේතුවෙන් අද අලුයම පූජාව පැවැත්වීමට නොහැකි වුණා.

මේ නිසා බැතිමතුන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති වූ බවයි එහි සිටි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ නමුත්, පොලීසිය, ප්‍රදේශවාසීන් සහ බැතිමතුන්ගේ මැදිහත්වීමෙන් මේ වන විට කතරගම මහා දේවාලය පූජාවන් සඳහා යළි විවෘත වී ඇති බවයි එහි කපු මහතෙකු වන ලාල් අරාපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.



update :- Tuesday, August 22, 2017 8.07 Am
----------------------------------------------------------

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය අද අලුයම පූජාව සඳහා විවෘත නොකිරීම හේතුවෙන් එහි රැස්වූ බැතිමතුන් අතර නොසන්සුන්තාවක් ඇති වුණා.

දේවාලයේ යතුර එහි බස්නායක නිලමේවරයා සතු වන අතර, කපු මහතුන් ප්‍රකාශ කළේ ඔහු එය ලබා නොදීම නිසා දේවාලය මෙලෙස විවෘත කිරීමට නොහැකි වූ බවයි.

කෙසේ නමුත්, මේ පිළිබඳව අප කළ විමසීමකදී කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ සඳහන් කළේ දේවාලය විවෘත කිරීමට තමා පැමිණිය ද කපු මහතුන් ඒ සඳහා ඉඩ ලබා නොදුන් බවයි.

කෙසේ වෙතත්, අද උදෑසන රුහුණු කතරගම මහා දේවාලයේ ඇති තත්ත්වය සම්බන්ධයෙන් බස්නායක නිලමේවරයා මෙන්ම කපු මහතුන් ද පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට කතරගම පොලීසියේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ ඇති බවයි.




ඡායාරූප - කතරගම, දේවප්‍රිය