බාසිලෝනා ප්‍රහාරයේ වෑන් රිය පැදවූ ත්‍රස්තයා වෙඩි පහරින් මරුට

Tuesday, 22 August 2017 - 8:12

%E0%B6%B6%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ස්පාඤ්ඤයේ, බාසිලෝනා නුවර සුප්‍රකට ලා - රම්බ්ලා සංචාරක නිකේතන ප්‍රදේශයේදී වෑන් රථයක් ජනයා වෙත පැදවූ රියදුරා ස්පාඤ්ඤ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බාසිලෝනා ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 100කට අධික පිරිසක් තුවාල ලැබුවා.

අයි.එස්. සංවිධානය වගකීම භාර ගත් මෙම ප්‍රහාරය සඳහා යොදා ගත් වෑන් රථය පැදවූ යූනෙස් අබුයාකුබ් පයින් දිව ගොස් අතුරුදන්ව සිටියා.

බාසිලෝනා නුවරට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි අපද්‍රව්‍ය බැහැර කිරීමේ යන්ත්‍රාගාරයක් අසළ දී ඊයේ ඔහු සොයාගෙන ඇත්තේ ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව මෙහෙයුමක් ආරම්භ කළ ස්පාඤ්ඤ පොලීසියට, අබුයාකුබ් ඒ අසළ මිදි වත්තක සැඟවී සිටියදී හමු වී ඇති අතර, ව්‍යාජ පුපුරණ ද්‍රව්‍ය බඳ පටියක් සහිතව සිටි ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.