දොළොස් ලක්ෂ 75,000ක රන් භාණ්ඩ සඟවාගෙන පැමිණි ගුවන් මගියෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Tuesday, 22 August 2017 - 10:18

%E0%B6%AF%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+75%2C000%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රුපියල් දොළොස් ලක්ෂ 75,000ක් පමණ වටිනා ග්‍රෑමේ 255ක් බරැති රන් භාණ්ඩ තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සෞදි අරාබියේ සිට ඊයේ පස්වරුවේ පැමිණි ඔහු 27 හැවිරිදි පුද්ගලයෙක්.

සිය ඇඳුම් බෑගයේ මෙම රන් භාණ්ඩ සඟවාගෙන පැමිණි ගුවන් මගියා රුපියල් ලක්ෂයක දඩයක් නියම කොට මුදා හැර තිබෙනවා.

රන් භාණ්ඩ තොගය ද රාජ සන්තක කළ බවයි ගුවන් තොටුවළ රේගුව සඳහන් කළේ.



ඡායාරූප - කටුනායක, ටී.කේ.ජී කපිල