තමන් ටෙලෝ පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවට උතුරු පළාත් සභා අමාත්‍ය ඩෙනිශ්වරන්ගෙන් ප්‍රකාශයක්

Tuesday, 22 August 2017 - 12:08

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%9D+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තමන් ටෙලෝ පක්ෂයේ සාමාජිකයෙක් නොවන පසුබිමක ටෙලෝ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කිරීම විහිළුවක් බව උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් පවසනවා.

ඊයේ වවුනියාව ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍ය ඩෙනිශ්වරන් පැවසුවේ ටෙලෝ පක්ෂයෙන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වන ලෙසට එම පක්ෂයේ නායකයින් තමන්ගෙන් ඉල්ලීම් කළ අතර ඒ අනුව තමන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ බවයි.

තමන් ජයග්‍රාහණය කිරීමෙන් පසුව ටෙලෝ පක්ෂය වෙත ලද අමාත්‍ය ධුරය තමන්ට ලබාදීමට පක්ෂයේ නායකයින් තීරණය කළ බවද ඔහු එහිදී සඳහන් කළා.

එහෙත් තමන් කිසිදු අවස්ථාවක ටෙලෝ පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සාමාජිකත්වය ලබාගෙන නොමැති අතර ටෙලෝ පක්ෂයේ සාමාජිකයෙකු ලෙසට කිසිදු ලිඛිත ලියවිල්ලකට අනුව ගිවිසුම්ගත වී නොමැති බවද අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා පැවසූවේ ටෙලෝ පක්ෂයේ සාමාජිකයෙකු නොවන තමන්ගේ පක්ෂ සාමජිකත්වය මාස හයකට අත්හිටුවීමට ටෙලෝ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති  බවට දැනගන්නට ලැබුණු බවත් තමන් සාමාජිකත්වය ලබාගෙන නොමැති පක්ෂයක තමාගේ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කළ බවට පක්ෂයේ නීතිඥයෙකු වන පක්ෂ ලේකම්වරයා පැවසීම විහිළුවක් වන බවයි.

තමන්ගේ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් හෝ තම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තමා සමාජිකයෙකු නොවන පක්ෂයක් තීරණය ගැනීම අනුමත කළ නොහැකි බවද ඔහු පවසනවා.

පී. ඩෙනිශ්වරන් අමාත්‍යවරයා පළාත් සභාවට තේරී පත්වීමට පෙර ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

මීට පෙර අවස්ථාවක අමාත්‍යවරයා පැවසූවේ තමාගේ අමාත්‍ය ධුරය හෝ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කිසිවෙකු බලපෑම් කරන්නේ නම් තමන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.