නව බදු පනතට එරෙහිව, දේශීය ආදායම් වෘත්තීය සමිති අනිද්දා වර්ජනයේ

Tuesday, 22 August 2017 - 12:46

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%2C+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජිත දේශීය ආදායම් බදු පනත් කෙටුම්පතට එරෙහිව අනිද්දා වර්ජනයකට අවතීර්ණ වීමට දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

අදාල පනත් කෙටුම්පතේ බදු පරිපාලනයට බලපාන වගන්ති පවතින බැවින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කල බවයි එම කමිටුවේ ලේකම් එච්. ඒ. එල් උදයසිරි ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව පනත් කෙටුම්පතේ වගන්ති රැසක් සංශෝධනයට ලක් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියා.  

ඒ, මෙම පනත් කෙටුම්පත පිළිබදව ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්.