අධිකරණ ඇමති ගැන අද තීන්දුවක් - මන්ත්‍රී නලීන් බණ්ඩාර

Tuesday, 22 August 2017 - 12:52

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.  

මේ අතර, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවලට ඔහු මෙතෙක් කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම දැනුම් දී තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍ය  මණ්ඩලයේ සාමුහික වගකීම නොසලකා කටයුතු කර ඇති බවටත්, පසුගිය රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරන බවටත් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දැඩි ලෙස සාකච්ඡාවට ලක්වුණා.

එහිදී අදාළ කාරණා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය මංගල සමරවීරගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පිළිබදව හැකි ඉක්මනින් තීන්දුවක් ගත යුතු බවයි.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ තීරණයකට එළඹෙන බව අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

මේ අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.