ඇමති විජේදාස සියලූ අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න - අගමැති, ජනපති දැනුම්වත් කරයි

Tuesday, 22 August 2017 - 13:21

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඔහු දරන සියලූම කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙසට  එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා.

ඒ ඊට අදාළ නිවේදනයක් නිකුත් කරමින්.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණ අනුව කටයුතු කිරීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ අපොහොසත් වී ඇති බව ද එහි දැක්වෙනවා.

පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මීට අදාළව පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම සමඟ සාකච්ඡා කර ප්‍රකාශය නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ දැනුවත් කර ඇති අතර, එහිදී එකඟතාවකටද පැමිණි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, එය නිවැරදි කිරීම සඳහා ඊයේ දිනය දක්වා කාලය ලබාදී තිබූ නමුත්, එසේ නිවැරදි කිරීමක් නොකිරීම හේතුවෙන් ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට ඊයේ පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව එකඟතාවයකට පැමිණ තිබෙනවා.

නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ ඉහත තත්ත්වය මත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවට අනුව කටයුතු කිරීමට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බැවින් ඔහු කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙසට නායකත්වය ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි.   

මේ අතර, අද උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට තවදුරටත් එම තනතුර දැරිය නොහැකි බවයි.

නීතියට අත පෙවීමට කටයුතු කරන ලෙස තමන් ප්‍රකාශ නොකරන නමුත්, ඊට අදාළ පරිපාලන ව්‍යූහය සකස් කරන ලෙස පක්ෂය දැනුම්දුන් බවයි ඔහු සදහන් කළේ.