ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 450 ක්

Tuesday, 22 August 2017 - 15:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+450+%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් ලක්ෂ 450 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ එය ශ්‍රද්ධා සම්පන්න පී‍්‍රතියක් ගෙන දෙන්නක් බවයි.

ඒ අනුව, මෙම උතුම් කර්තව්‍ය උදෙසා මෙම මුදල් පරිත්‍යාග කරන බව ද ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.

දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගීම මෙම මූල්‍ය පරිත්‍යාගයට හේතුව ලෙස ජනාධිපතිවරයා සදහන් කළා.