නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදාපති ජනපති හමුවෙයි

Tuesday, 22 August 2017 - 16:14

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ භාරගත් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.

එහිදී ඔහු සහ ජනාධිපතිවරයා අතර, සාම්ප්‍රදායානුකූල සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එමෙන්ම, නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩභාර ගත් වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ද අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයට ද අද පස්වරුවේ ජනාධිපතිවරයා නෙළුම් පොකුණ රගහලේදී එක්වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ රෝග වැළැක්වීම සහ නිවාරණය සදහා දැනට වඩා විශාල වශයෙන් සම්පත් ලබාදීම අවශ්‍ය බවයි.