එජාප මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවේ - නව අධිකරණ ඇමතිවරියක් ගැන ඉඟි

Wednesday, 23 August 2017 - 7:26

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%9F%E0%B7%92
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවනවා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන් ඊයේ මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි.

මෙහිදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බව ද වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දරණ සියලුම ඇමති ධුරයන්ගෙන් ඉවත් කරන ලෙස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ අපොහොසත් වී ඇති බැවින් මෙලෙස සියලූ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද අවසන් වරට බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණීමට නියමිතයි.

අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණ එහි කාර්ය මණ්ඩලයට අවසන් වරට කතා කිරීමට සූදානම් වන බවයි.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍ය ධුරයට පත් කිරීමට යන නව තැනැත්තා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා ඊයේ ඉඟියක් ලබා දුන්නා.

කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද දිනයේ අමාත්‍යවරියක් අධිකරණ ඇමති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩකඩ ඇති බවයි.